News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබද විමර්ශනයට පත් කළ ජනපති කොමිසමට පැමිණිලි භාර ගැනීම අදින් අවසන්

523 Views


පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබද  විමර්ශනයට පත් කළ ජනපති කොමිසමට පැමිණිලි  භාර ගැනීම අදින් අවසන්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර ගැනීම අදින් අවසන් වනවා. ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිතුමා විසින් පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාව පංච පුද්ගල කමිටුවකින් සමන්විතයි.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කමිටුවේ සභාපති ලෙස පත්කර තිබෙනවා.

කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ අභියාචනාධිකරණයේ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න / විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජකරුණා / විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ‍්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව් එම් එම් අධිකාරී යන මහත්ම මහත්මීන්.
පාස්තු ඉරුදින මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය / කොළඹ කෝච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය / මඩකලපුව සියොන් දේවස්ථානය / කොළඹ ශැංග‍්‍රිලා හෝටලය / කිංග්ස්බරි හෝටලය / සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලය සහ දෙහිවල ලැගුම් හලක් ඇතුලූ ස්ථාන 07 ක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල් වුණා.

ප‍්‍රහාරයෙන්් පුද්ගලයින් 250 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වු අතර තවත් 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. මියගිය පිරිස අතරට විදේශිකයින්ද ඇතුලත්.
ආරක්ෂක අංශ සිදු කල පරීක්ෂණ වලදී අනාවරණය වුණේ ජාතික හවුහිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුලූ මරාගෙන මැරෙන ත‍්‍රස්ථවාදීන් පිරිසක් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි.
ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්ද පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post