News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

පිළිගත් හැඳුනුම්පත් නොමැති පාර්ශවයන්ට ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පතක්

571 Views


පිළිගත් හැඳුනුම්පත් නොමැති පාර්ශවයන්ට ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පතක්

ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, පිළිගත් වලංගු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, වැඩිහිටි, විශ්‍රාමික හෝ පූජ්‍ය හැඳුනුම්පත යන පිළිගත් හැඳුනුම්පත් නොමැති පාර්ශවයන්ට මෙම තාවකාලික හැඳුනුම්පත ලබාගැනීමට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා.

නොවැම්බර් 9 වන දිනට පෙර කොට්ඨාශයේ ග්‍රාම නිලධාරිවරයා හමුවී ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ලබාගෙන සම්පූර්ණ කර භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post