බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක‍්‍රියාත්මකයි.
හල්දුම්මුල්ල, ඇල්ල සහ පස්සර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම නිවේදනය නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.
කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම මන්නාරම මාර්ගය එලූවන්කුලම ප‍්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.
එලූවන්කුලම සපත්තු පාලම හරහා අඩි 03 ක් පමණ ජල කදක් ගලා යමින් පවතින බවයි පුත්තලම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ
තද සුළගකින් වාරියපොල රඹුක්කන ග‍්‍රාම සේවා වසමේ නිවාස රැුසකට ද හානි සිදුව තිබෙනවා. ඉන් නිවාස 75 000 කට පමණ විදුලි සැපයුම අඩාල වී ඇති බවයි විදුලි බල අමාත්‍යාංශය සදහන් කලේ.
මධ්‍යම පළාතට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග මහනුවර – යාපනය ඒ නවය මාර්ගයේ වාහන ධාවනයේ දී සැලකිලිමත් වන්නැයි පොලීසිය දැනුම් දී සිටිනවා. අළුයම සිට උදෑසන හත පමණ වන තෙක් දැඞී මීදුම් තත්වයක් පවතින බවයි පොලීසිය සදහන් කලේ ඒ හේතුවෙන් රථවල ඉදිරිපස විදුලිපහන් දල්වා රිය ධාවනය කරන්නැයි දැනුම් දෙනවා.
රිවස්ටන් මාර්ගයේ තැනින් තැන පස් කදු කඩා වෑටීම් දක්නට ලැබෙන බවයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ. එම මාර්ග වල ගමන් කිරිමේ දී වඩාත් ප‍්‍රවේසම් වන ලෙස දැනුම් දී තිබෙනවා.
මේ අතර බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව හා දකුනු පළාත් වල අද පස්වරුවේ තද වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100 ක පමණ තද වැසි ඇති විය බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.