ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගයින් ගණන 26 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ආපදා හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු තුවාල ලබා රෝහල් වලට ඇතුලත් කර තිබෙනවා. ජනාපයේ ටෝකියෝ නගරයේ නිවාස 1 ලක්ෂ 50 දහසක විදුලි සැපයුමට බාධා එල්ලවී ඇත්තේ එරට හරහා හමා යන හගිබීස් සුළි කුණාටුව හේතුවෙන්. විපතට පත්වුවන්ට මුදා ගැනීම සදහා හමුදා භටයින් 27 දහසක් සහ ගලවා ගැනීමේ සේවකයින් යොදවා තිබෙනවා.
විදෙස් පුවත් වාර්තා කලේ ටෝකියෝ හි හනෙදා ගුවන්තොටුපළ වසා දමා ඇති අතර සහ බුලට් දුම්රිය සේවා අත්හිටුවා ඇති බව යි.