News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

ගතවූ මාස 10 තුළ මැලේරියා රෝගීන් 31 ක් වාර්තා වෙයි

670 Views


ගතවූ මාස 10 තුළ මැලේරියා රෝගීන් 31 ක් වාර්තා වෙයි

ගතවූ මාස 10ක කාලය තුළ මැලේරියා රෝගීන් 31 ක් වාර්තා වී ඇතැයි මැලේරියා මර්ධන ව්‍යාපාරය සදහන් කළා.

2012 වසරින් පසු මෙරටින් අභ්‍යන්තර මැලේරියා රෝගීන් වාර්තා වී නොමැති බව එම ව්‍යාපාරය ප්‍රකාශ කළා.

මෙලෙස වාර්තා වී ඇති රෝගීන් 31 දෙනා අප්‍රිකානු සහ ඉන්දීය සංචාරවලින් පසු මෙරටට පැමිණි පිරිස් බව තහවුරු වී තිබෙනවා.

මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිගෙන ඇති බැවින් විදෙස් ගත වීමට පෙර සහ පසු රෝගය වළක්වා ගැනීමේ ක්‍රමවේද වෙත යොමු වන්නැයි මැලේරියා මර්ධන ව්‍යාපාරය ජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post