News Line| Off Air| Games
Generic placeholder image

Oct
15

ගෝඨාභය අද ත‍්‍රිපුද්ගල මහාධිකරණයට

596 Views


ගෝඨාභය අද ත‍්‍රිපුද්ගල මහාධිකරණයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව අද සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතයි.
නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පසුගියදා කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබුණා. සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන් හතර දෙනෙකුට සිතාසි ද නිකුත් කලා.

මේ අතර මැදමුලන, ඞී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කිරීම වළක්වමින් පණවා තිබු තහනම් නියෝගය දෙසැම්බර් 20 දක්වා දීර්ඝකර තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් පසුගිය 11 වනදා සළකා බැලූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කළේ බුවනෙක අලූවිහාරේ, මුර්දු ප‍්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.
තමාට එරෙහි නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

පෙත්සම ලබන දෙසැම්බර් 10 වනදා යළි කැදීවීමට නියමිතයි. ඞී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලූ විත්තිකරුවන් හත් දෙනෙකුට නඩු පවරණු ලැබුවේ නීතිපතිවරයා විසින්.


News Articles
Latest Videos
Most Popular Post