News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

චෙන්නායී නුවර සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට විශේෂ ගුවන් යානයක්

739 Views


චෙන්නායී නුවර සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට විශේෂ ගුවන් යානයක්

ඉන්දීය ගුවන් සේවයේ විශේෂඥයින් කීප දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් අද (15) දහවල් ඉන්දියාවේ චෙන්නායී නුවර සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

පර්යේෂණ ගුවන් ගමනක් වශයෙන් මෙම ගුවන් යානය පැමිණි අතර එම යානයෙන් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි විශේෂඥයින් විසින් ගුවන් තොටුපලේ ධාවන පථය ඇතුළු සෙසු අංග පිළිබදව පරීක්ෂා කිරීමක්ද මේ සංචාරයේදී සිදුවුණා.

ඔක්තෝබර් මස 17 වෙනිදා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත වන්නේද ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මේ ආකාරයට ගුවන් යානයක් පලාලී ගුවන් තොටුපල වෙත පැමිණීමත් සමග බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post