News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

පොලීනිත් වලින් තොර ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනතා පෙත්සමක්

573 Views


පොලීනිත් වලින් තොර ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනතා පෙත්සමක්

ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපති මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා පොලීතින් භාවිතා කරමින් පරිසරය විනාශ නොකිරිමට හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව එම මැතිවරණය පැවැත්විම සදහා අද (15) දින මාතලේ ඔරලොසු කණුව ඉදිරිපිටදී ජනතා පෙත්සමක් අත්සන් කිරිම සිදු කෙරුණා.

මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් මෙහෙයවනු ලැබු එම වැඩසටහන සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් හිටපු අමාත්‍ය රෝහණ දිසානයක මහතා, මාතලේ ප්‍රාදේශියසභා සභාපති කපිල බණ්ඩාර හේන්දෙණීය මහතා, අනුර කුමාර දිසානායක මහතා නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නායක ගමගෙදර දිසානායක මහතා ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

පරිසරය හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඉදිරි මැතිවරණය සාමකාමීව පැවැත්වීමට රටට මාතලෙන් ආදර්ශයක් ලබාදිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

එමෙන්ම අත්සන් කරනු ලබන ජනතා පෙත්සම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබාදිමට නියමිත බව මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මධුසංඛ බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post