News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

සේරුවිල තඹ නිධියෙහි රත්රන් තිබෙන බව තහවුරු වෙයි

1019 Views


සේරුවිල තඹ නිධියෙහි රත්රන් තිබෙන බව තහවුරු වෙයි

සේරුවිල යකඩ – තඹ නිධියෙහි රත්රන් තිබෙන බව තහවුරු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා
එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ සේරුවිලට ආසන්නයේ අරිප්පු, කොල්ලකුලම් – සී ප‍්‍රදේශ ආවරණය කරමින් වර්ග කිලෝමීටර 05 ක පමණ භූමියක උප පෘෂ්ඨයෙහි මෙම නිධිය පිහිටා තිබෙන බවයි.

පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්රන් පවතිනුයේ මුළු කොටස් බිලියනයකට රත්රන් කොටස් 4ක් පමණ වුවත් සේරුවිල නිධියෙන් ලබාගත් සමහර සාම්වලවල මුළු කොටස් බිලියනයකට රත්රන් කොටස් 1000 ඉක්මවා තිබෙනවා
.
භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නිධිය පිළිබඳව ගවේෂණ කටයුතු ප‍්‍රථමයෙන් සිදුකර ඇත්තේ 70 දශකයේදී යි. අනතුරුව ප‍්‍රංශ රජයේ භූ විද්‍යා සහ කැණිම් පිළිබඳව පර්යේෂණ කාර්යාංශය සමග එක්ව සවිස්තර ගවේෂණයක් සිදුකොට වාර්තා සකස් කර තිබෙනවා.
මෙම වාර්තා අනුව නිධියෙහ ප‍්‍රමාණය දළ වශයෙන් මෙටි‍්‍රක් ටොන් මිලියන 03ක් පමණ වන බවත් ඉන් 40%ක් පමණ යකඩ වන අතර 1% පමණ තඹ බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post