News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

ක්‍රිකට් සභාපතිගේ ප්‍රකාශයට පකිස්ථානය ප්‍රතිචාර දක්වයි

3632 Views


ක්‍රිකට් සභාපතිගේ ප්‍රකාශයට පකිස්ථානය ප්‍රතිචාර දක්වයි

නිමාවට පත් වුනු පකිස්තානු තරග සංචාරය පිලිබදව මෙරටට පැමිනි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිදු කලැයි කියන අන්දොලාත්මක ප්‍රකාශය පිලිබද පකිස්ථානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එනම් පකිස්තානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්ෂාවක් ලබා දීමට පකිස්ථානය කටයුතු කල අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිදහසට බාධා පැමිණෙනු බවට සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණා. විශේෂයෙන්ම දින කිහිපයක් මෙලෙස ක්‍රීඩකයින් සිටි හෝටල්වලට වී සිරවී සිටීමට සිදුවුණු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනේ.

කෙසේවෙතත් මේ පිලිබදව පාකිස්ථානු රජය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අප්‍රසාදය ප්‍රකශ කර තිබෙන අතර එම ප්‍රකාශය බලාපොරොත්තු නොවූ ප්‍රකාශයක් බවයි එම ප්‍රකාශය උපුටා දක්වමින් විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post