දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
වැසි සමග පැයට කිලෝමීටර් 70 – 80 ක පමණ කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බවද සදහන්.