News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

ඇන්ටනොවූ යළිත් දිවයිනට

1109 Views


ඇන්ටනොවූ යළිත් දිවයිනට

ලොව විශාලතම දෙවන භාන්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ 124 ගුවන් යානය දහවන වරටත් මත්තල ගුවන් තොටුපොළේ අද ගොඩ බස්වා තිබෙනවා.

මෙය ටර්ක්මෙනිස්ථානයේ සිට අද(16) උදෑසන 10.07ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්ව ඇති බව වාර්තා වනවා.

මෙම ගුවන්යානයේ 19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩල විවේකය සදහාත් තෙල් ලබා ගැනීම සඳහාත් මෙසේ ගොඩ බස්වා ඇති බව සදහන්.

17 වනදා රාත්‍රීයේ නැවත ඔස්ට්‍රේලියාව බලා මෙම ගුවන්යානය පිටවීමට නියමිත බව මත්තල ගුවන්තොටුපල කළමනාකාරිත්වය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post