News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

මැලේසියාවෙන් නීති විරෝධීව රැදී සිටින මෙරට ශ්‍රමිකයින්ට පොදු සමා කාලයක්

626 Views


මැලේසියාවෙන් නීති විරෝධීව රැදී සිටින මෙරට ශ්‍රමිකයින්ට පොදු සමා කාලයක්

මැලේසියාවේ රැකියා සදහා ගොස් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එරට රැදී සිටින ශ්‍රමිකයන්ට දඩුවමකින් තොරව යළි සිය රටට පැමිණීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මේ බව දැනුම් දුන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

එය ලබන දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වන අතර මැලේසියාවේ නීතිවිරෝධීව රැදී සිටිමින් සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මෙරට වෙසෙන ඥාතීන්ට කාර්යාංශය දැනුම් දෙන්නේ මෙම පොදු සමා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන නැවත දිවයිනට පැමිණීම සදහා තම ඥාතීන් දැනුවත් කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post