News Line| Off Air| Games
Generic placeholder image

Oct
16

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හෙට සුභ මොහොතින් විවෘත කරයි

1249 Views


යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හෙට සුභ මොහොතින් විවෘත කරයි

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම හෙට සිදු කෙරෙනවා. ඒ් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ඇතුළුව අමුත්තන් රැසක් එම අවස්ථාවට එක් වනු ඇති.

එම රාජ්‍ය උත්සවයේ සූදානම පිරික්සීමට අද (16) යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගිය අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ උතුරු පළාත මුල් කරගනිමින් සමස්ත ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දීය කලාපයේ ගුවන් ප්‍ර‍වාහනයේ අනගි අවස්ථාවක් වනු ඇති බවයි.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හෙට පැමිණෙන මුල්ම ගුවන් යානය පැමිණෙන්නේ ඉන්දියාවේ චෙන්නායි සිටයි. ඒ් Alliance ගුවන් යානයක් බව සදහන්.

මංගල දූත කණ්ඩායම තිස් දෙනකුගෙන් සමන්විත වන අතර හෙට විවෘත කෙරෙන යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භ වනවා.

යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2 250ක් බව සදහන්. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවනවා.


News Articles
Latest Videos
Most Popular Post