ඉදිරි ජනපතිවරණය හේතුවෙන් සමස්ත දිවයිනටම බල පවැත්වෙන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේකනය මේ විට නිකුත් කර තිබෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.
එමෙන්ම ලබන නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට අදාළ ජනපතිවරණයේ තැපෑල් ජන්ද ප්‍රකාශ කිරීමට මේ මස 31 සහ නොවැම්බර් 01 වෙනිදා අවස්ථාව හිමිවෙනවා. තැපෑලෙන් ජන්දය ප්‍රකාශ කිරීම සදහා රජයේ නිලධාරින් හය ලක්ෂ පන්ස්නවදහස් පන්සීය දාහතරක් සුදුසුකම් ලබා තිබෙනවා.