News Line| Off Air| Games
Generic placeholder image

Oct
17

ලෝක නිරාහාර දර්ශකයේ ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානයට

2127 Views


ලෝක නිරාහාර දර්ශකයේ ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානයට

ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසින් ගණනය කරනු ලබන ලෝක නිරාහාර දර්ශකයේදී මේ වසරේදී ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව එම දර්ශකය තුළ ශ්‍රී ලංකාව සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බව සදහන්.

2018 වසරේදී ශ්‍රී ලංකාව 67 වැනි ස්ථානයේ පසුවුණා. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම දර්ශකයේදී ඉදිරියට පැමිණ ඇති අතර 2000 වසරේ පටන් ශ්‍රී ලංකාව මෙම දර්ශකය තුළ ක්‍රමයෙන් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම කැපී පෙනෙන සාධකයක්.

මෙවර මෙම දර්ශකය ගණනය කිරීම සඳහා රටවල් 117ක් යොදාගෙන තිබෙනවා. මෙම දර්ශකයට අයත් සෙසු දකුණු ආසියනු රටවල් වන ඉන්දියාව (102), නේපාලය (73), බංග්ලාදේශය (88), පාකිස්තානය (84), ඇෆ්ගනිස්තානය (108) භූතානය හා මාලදිවයින මෙම දර්ශකය ගණනය කිරිම සඳහා යොදාගෙන නැහැ.

ලෝකයේ, කළාපීයව හා ජාතික මට්ටමින් කුසගින්න තුරන් කිරිම අරමුණුකරගෙන මෙම දර්ශකය ගණනය කරනවා.

මෙහි ඉදිරියෙන්ම පසුවන රටවල් පහ බෙලාරුස්, බොස්නිය හා හර්සගේවිනා, බල්ගේරියාව, චිලී හා කෝස්ටාරිකා වන අතර අවසන් ස්ථාන පහේ පසුවන්නේ සැම්බියාව, මැඩගස්කරය, චැඩ්, යෙමන් හා මධ්‍යම අප්‍රිකා ජනරජයයි.


News Articles
Latest Videos
Most Popular Post