News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

කංජිපානි ඉම්රාන් යළි රිමාන්ඩ්

792 Views


කංජිපානි ඉම්රාන් යළි රිමාන්ඩ්

කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුව ලබන මස 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාහැරීම සඳහා කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කළ බවට කංජිපානි ඉම්රාන්ට එරෙහිව චෝදනා එල්ල වුණා.

ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට මොහු මේ වනවිටත් වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් විඳිමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post