නායයාමේ අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මහකන්ද ග‍්‍රාම නිලධාරී වසමේ පවුල් 23 ක් පදිංචි ස්ථාන වලින් ඉවත් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ පුද්ගලයින් 108 දෙනෙකු ආරක්ෂිත මධයස්ථාන වල රදවා ඇති බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැමිණ අද සිදු කරන භූමි පරීක්ෂාවෙන් පසුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගනු ඇතී. කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ති‍්‍රක්කවලට නිකුත් කෙරුණු නායයෑම පිළිබද පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනය යළි දීර්ඝ කර තිබෙනවා.
පොළොව ගිලා බැසීම්, කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරලීම් වැනි නායයෑමේ ලක්ෂණ පිළිබද අවදානයෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය, අදාළ ප‍්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.