ටැටූ එකක් කියන්නෙ දැන් තව දුරටත් රස්තියාදුකාරකමක් පෙන්නන විලාසිතාවක් නෙමෙයි. ඒක ප්‍රකාශන මාධ්‍යයක් වෙලා. තමන්ට ප්‍රකාශ කරන්න තියෙන දෙයක්, සැමරුමක් එහෙමත් නැත්නම් තමන් ආස කරන දෙයක් තමන්ගෙ ශරීරයේ කොටා ගන්න එක මේ වෙද්දි අතිශය සාමාන්‍ය දෙයක් වෙලා. මේ වෙද්දි ටැටූ එකක් ශරීරයේ නැති අයට වඩා ඇති අය වැඩි තත්ත්වයක් තියෙන්නෙ. හැබැයි අපි හැමෝම ටැටූ ගහනව වගේ නෙමෙයි, ජනප්‍රිය පුද්ගලයෙක් ටැටූ එකක් ගැහුවම ඒ ටැටූ එක මොකක්ද? ඒක පිටිපස්සෙ තියෙන කතන්දරේ මොකක්ද? කියලා හොයන්න ලොකු කුතුහලයක් ඇති වෙනව.
ඒ විදිහට අපි නිතර දකින බොලිවුඩ් තරු කීපයක ටැටූ පිටිපස්සෙ තියෙන කතන්දරයි මේ කියන්නෙ…
1. සංජේ දත්
උරහිස්, අත් පපුව වගේ ඇඟ පුරා එක එක තැන්වල සංජේ දත් පච්ච කොටාගෙන ඉන්නවා. සංජේගෙ පපුවේ තියෙන ලොකු පච්චයක උර්දු සහ දේවනාගර භාෂා වලින් එයාගෙ දෙමවුපියන්ගෙ නම් කොටල තියනව. වම් උරහිසේ ඕම් නම: ශිවාය කියල ශිව දෙවියන්ව සිහිවන්න ටැටූ එකක් ගහල තියනව. දකුණු උරහිසේ උඩම තියනවා වාසනාව වෙනුවෙන් ගහපු මකර ටැටූවක්. ඊට පහලින් තියනවා මල් වැස්සක යටින් ඉන්න සමුරායි සටන්කරුවො දෙන්නෙක්. ඒකෙන් අදහස් වෙන්නෙ සංජේගෙ ජීවිතේ මුහුණ දෙන්න වෙච්ච කරදර බාධක මැද ඔහු නොසැලී හිටියයි කියන එකලු. මීට අමතරව තව ටැටූ ගණනාවක්ම සංජේ දත් කොටාගෙන ඉන්නවා තමන්ගෙ ජීවිතේ සමීප අයව සිහිවෙන්න.
2. ප්‍රියංකා චොප්රා
බොලිවුඩයේ වගේම දැන් හොලිවුඩයෙත් එක වගේ ජනප්‍රිය ප්‍රියංකා චොප්රාගේ දකුණු අතේ පැත්තකින් කොටාගෙන ඉන්න අකුරු පේළියක ටැටූ එකක් කවුරුත් දැකල ඇති. මේ ටැටූ එකේ සටහන් වෙලා තියෙන්නෙ Daddies lil girl (තාත්තගෙ පුංචි කෙල්ල) කියලයි. ප්‍රියංකා චොප්රා තමන්ගෙ තාත්තත් එක්ක හරිම සමීපව ආදරයෙන් හිටපු කෙනෙක්. ප්‍රියංකා සහභාගි වෙන සම්මාන උත්සව වලට එහෙමත් හුඟක් වෙලාවට එයාගෙ තාත්තා එයත් එක්ක ගියා. ක්ෂේත්‍රයෙ වැඩි දෙනෙක් නොදැන හිටියට ප්‍රියංකගෙ තාත්තා ප්‍රියංකා ජනප්‍රිය වෙනකොටත් පිළිකා තත්ත්වයකට ප්‍රතිකාර ගනිමිනුයි හිටියේ. 2012 අවුරුද් වන විට තාත්තගෙ අත් අකුරු වලින්ම මේ ටැටූ එකේ අකුරු ලියාගෙන ප්‍රියංකා තමන්ගෙ ශරීරයෙ ඒක ටැටූවක් හැටියට සටහන් කරගන්නවා. 2013 අවුරුද්දෙදි එයාගෙ ආදරණීය තාත්තා මෙළොව හැරදාල යනව.
3. ආක්ෂේ කුමාර්
90 දශකයේ බොලිවුඩයේ සිහින කුමාරයෙක් සහ අංක එකේ ක්‍රියාදාම නළුවෙක් වෙලා හිටපු ආක්ෂේ කුමාර් කියන්නෙත් ටැටූ වලට ප්‍රිය කරන නළුවෙක්. ආක්ෂේගෙ ටැටූ ඔක්කොම වගේ ගහල තියෙන්නෙ තමන්ගෙ ජීවිතේට සමීප අයව සිහිගන්වන්නයි. තමන්ගෙ පවුලේ අය එක්ක නිතර රැඳී ඉන්න කාර්යබහුලත්වය ඉඩ දෙන්නෙ නැති නිසා මේ ටැටූ ඒ අයගෙ මතකය තමන්ට තවත් සමීප කරන්න ගහගත්ත ඒව කියලයි ආක්ෂේ කියන්නෙ. ආක්ෂේගෙ පිටේ තියනවා තමන්ගෙ පුතාගෙ නම වන ‘Aarav’ කියල ගහපු ටැටූවක්. දකුණු උරහිසේ දුවගෙ නම වන ‘Nitara’ ටැටූ කරල තියනව. ඒ වගේම වම් උරහිසට ටිකක් උඩින් තමන්ගේ බිරිඳ වෙන ට්වින්කල් ඛන්නාගෙ කෙටි නම වන ‘Tina’ ටැටූ එකක් හැටියට ආක්ෂේ ගහගෙන ඉන්නව.
4. දීපිකා පදුකෝන්
බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය සහ කතාබහට ලක්වෙලා තියන ටැටූ එකක් තමයි දීපිකා පදුකෝන්ගේ ටැටූ එක.අතිශය රූමත් බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ගේ බෙල්ල පිටුපස මෙම ටටූ එක තියෙනවා.‘RK’ කියන අකුරු දෙක තමයි එයා එතන කොටාගෙන ඉන්නෙ. මේ ‘RK’ කියන්නේ ඒ කාලෙ දීපිකාගෙ පෙම්වතා වුණු ජනප්‍රිය නළු රන්බීර් කපූර්ගෙ නමේ මුලකුරු දෙක. රන්බීර්ගෙන් වෙන් වුණාට පස්සෙත් දීපිකා මේ ටැටූ එක මකාගත්තෙ නැහැ.පසු කාලෙක ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිං එක්ක පෙම් සම්බන්ධයක් ඇතිකර ගත්තට පස්සෙත් මේ ටැටූ එක දීපිකාගෙ බෙල්ලෙ තිබුන බව සදහන්. සමහරු දීපිකාගෙන් ප්‍රශ්න කරලත් තිබ්බා මේ ‘ටැටූ එක තාම තියනවට රන්වීර් මොකුත් කියන්නෙ නැද්ද?’ කියල අහල. මේ වෙද්දි ඒ ටැටූ එක දීපිකා මකාගෙන කියලත් බොලිවුඩ් ගොසිප් අඩවි වල පළවෙනවා.
5. රන්බීර් කපූර්
දීපිකාගේ ටැටූ එකට නිමිත්ත වෙච්ච රන්බීර් කපූර්ගේ ටැටූ එකකුත් මීට අවුරුදු කීපයකට කලින් බොලිවුඩය තුළ කතා බහට ලක් වුණා. බොම්බේ වෙල්වට් චිත්‍රපටය රූගත කරන කාලයේ එළියට ආපු මේ ටැටූ එක කොටලා තිබ්බේ රන්බීර්ගෙ දකුණු අතෙයි. දේවනාගර භාෂාවෙන් ‘ආවාරා’ කියල තමයි කොටාගෙන තිබුණෙ. ආවාරා කියන්නෙ අයාලේ යන නිදහස්කාමී බවක් අර්ථ ගන්වන වචනයක්. රන්බීර් කපූර්ගෙ සීයා වුණු රාජ් කපූර්ගේ ප්‍රසිද්ධම චිත්‍රපටයක් තමයි 1951 ආපු ආවාරා චිත්‍රපටය. සමහරු කිවුවා මේක තමන්ගේ සීයාව සිහිපත් වෙන්න රන්බීර් ගහගත්ත ටැටූ එකක් කියලත්. තවත් සමහරු ඒ කාලෙ කිවුවා මේක චිත්‍රපටයක චරිතයක් වෙනුවෙන් රන්බීර් ගහගත්ත තාවකාලික ටැටූවක් කියලා.