මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝග්‍රෑම් 21,400 ක තොගයක් වෙළඳපොළට නිකුත් කිරීම පිණිස මාබෝලේ ප්‍රදේශයේ ගබඩාවක සකස් කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ඒකකයට ලැබූණු තොරතුරක් මත එහි ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා ඇතුළු නිලධාරීන් විසින් ඊයේ (17) මෙම වැටලීම සිදු කොට ඇති අතර හාල්මැස්සන් තොගයෙහි වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් බව ඒකක ප්‍රධානියා සඳහන් කළා.
ඩුබායි සිට අධික වැලි සහිතව ආනයනය කොට ඇති මෙම හාල්මැස්සන් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙසින් පවතින බැවින් ඒවා තෝරා වෙළෙඳපොළට යැවීම පිණිස මෙම ගබඩාවෙහි සකස් කරමින් තිබූ බව වැටලීම කළ අවස්ථාවේ අනාවරණය වූ බව ප්‍රදීප් කළුතරආරච්චි මහතා කියා සිටියා.
මෙහිදී හාල්මැස්සන් තොගය ගෙන්වීම සිදු කොට ඇති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ගබඩාවට මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙනවා.