News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

ආනයනික වියළි මිරිස් සහ මාළු සඳහා බදු මුදල් අඩුකරයි

567 Views


ආනයනික වියළි මිරිස් සහ මාළු සඳහා බදු මුදල් අඩුකරයි

ආනයනික වියළි මිරිස් සහ මාළු කිලෝවක් සඳහා වන බදු මුදල් අඩු කිරීමට ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශකර තිබෙනවා.

ඒ අනුව, ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 සිට 5 දක්වාත්, රුපියල් 100 ක්ව පවතින ආනයනික මාලූ කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 දක්වාත්, අඩු කෙරෙනු ඇති.

එසේම, උත්සව සමය වෙනුවෙන් කුකුළු මස් හා බිත්තර ආනයනය කිරීමට ද ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලැබී ඇති බව සදහන්.

එමෙන්ම රජයේ ගබඩාවන්හි පවතින වී තොග මෙට්රිික් ටොන් 48,000ක ප්‍රමාණය සුළු හා මාධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් මඟින් ඉතා ඉක්මනින් සහල් කොට සතොස හරහා නාඩු කිලෝවක් රුපියල් 80ක් ද, සම්බා කිලෝවක් රුපියල් 85ක මිලට ද අලෙවි කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post