පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇද හෙලුණා. මේ හේතුවෙන් ජලාශ කිහිපයක්ම වාන් දොරටු විවෘත කර තිබෙනවා.
එමෙන්ම දිස්ත්‍රක්ක 04 කට නායයෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇති අතර කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ වර්ෂාපතනයේ යම් අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බවයි.
කෙසේ වෙතත් අදත් බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවු වැසි ඇති විය හැකි බවද තද වැසි ඇතිවන විට අකුණු ඇතිවීමේ අවධානයක් තිබෙන බැවින් අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.