News Line| Off Air| Games
Generic placeholder image

Oct
22

මැතිව්ස්ට මාස 14ට ලක්ෂ 236ක්

1078 Views


මැතිව්ස්ට මාස 14ට ලක්ෂ 236ක්

2019 වසරේ නොවැම්බර් මස සිට ලබන වසර අවසානය තෙක් මාස 14ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකම හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටයි. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 130, 000ක්. එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් ලක්ෂ 236 ක්.

නවතම කොන්ත්‍රාත්තුවට අනුව දෙවැනි තැන හිමිව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්නට හා හිටපු ටෙස්ට් නායකයෙකු වන සුරංග ලක්මාල්ටයි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වසරක කාලයක් සඳහා තහනමට ලක්ව සිටින අකිල ධනංජයද ‘ඪ්’ කාණ්ඩය යටතේ වැඩිම මුදලක් ගෙවා කොන්ත්‍රාත්ගත කර තිබීම විශේෂත්වයක්.

ඉදිරි මාස 14ක කාලය සඳහා කාණ්ඩ පහක් යටතේ මෙසේ ක්‍රීඩකයින් 34 දෙනෙක් කොන්ත්‍රාත්ගත කර තිබෙනවා.

කෙසේ නමුත් උපුල් තරංග, අසේල ගුණරත්න, ෂෙහාන් මදුසංක, මලින්ද පුෂ්පකුමාර, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, අශාන් ප්‍රියංජන් යන ක්‍රීඩකයින් එළැඹෙන මාස 14ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගතව නොමැති බවද වාර්තා වනවා.

එම ක්‍රීඩකයින්ට අමතරව පසුගිය වසරේදී පළමු පෙළ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 104 දෙනෙක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොන්ත්‍රාත්තු ලබා දුන්නද මෙවර එම ක්‍රීඩකයින්ද කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් කර ඇති බව සදහන්.

එහෙත් පසුගිය වරට සාපේක්ෂව පළමු පෙළ තරගයක් ක්‍රීඩා කිරීම සඳහා ගෙවන මුදල් ප්‍රමාණය රුපියල් 7,500 සිට 12,000 දක්වා වැඩි කිරීමට සුදානමින් සිටින බවද ක්‍රිකට් අභ්‍යන්තර වාර්තා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post