වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව පවරා තිබෙන නඩුව මේ මස 07 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා.
විත්තිකරු වන අනුර සේනානායක රෝගාතුරව ප්‍රතිකාර ලබන බව විත්තියේ නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන් අතර ඒ පිලිබදව සලකා බලා ලබන 07 වෙනිදට මෙම නඩුව විභාගයට ගැනීම සිදු කරන බවයි වාර්තා වන්නේ.