News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

මීනගයා නිසා මඩකලපු මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා

1302 Views


මීනගයා නිසා මඩකලපු මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා

අද රාත්‍රියේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව බලා ධාවනය වීමට නියමිත තැපැල් දුම්රිය බොහෝදුරට අවලංගු කිරීමට සිදුවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

ඒ, අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලිපැනීමකට ලක්වූ මීනගයා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මෙතෙක් අවසන් නොවීම හේතුවෙන්.

පීලිගත කළ දුම්රිය මැදිරි සහ පීලිපැනීමකට ලක් නොවූ මැදිරි කිහිපයක් දැනට එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර මීනගයා දුම්රියේ එන්ජිම පීලිගත කිරීමේ කටයුතු තවමත් අවසන් කර නැහැ.

ඒ හේතුවෙන් අද පස්වරුවේ කොළඹ – කොටුවේ සිට පොළොන්නරුව බලා ධාවනය වීමට නියමිත පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ද අවලංගු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post