News Line| Off Air| Games
Generic placeholder image

Oct
23

මෙවර ජනපතිවරණයේ සුවිශේෂිතා මෙන්න

444 Views


මෙවර ජනපතිවරණයේ සුවිශේෂිතා මෙන්න

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි සන්දිස්ථානයක් ලෙස මෙවර ජනපතිවරණය සදහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ හේතුවෙන් සෑම දෙනාම පාහේ මෙම ජනපතිවරණ උණුසුම භුක්ති විදමින් පසුවෙනවා. දිනෙන් දින උණුසුම් වන ජනපතිවරණ සටන දෙස සෑම දෙනාම ඉතා උද්යෝගයෙන් නෙත් අයා බලා සිටින අවස්ථාවක සත්තකින්ම මෙවර ජනපතිවරණයේ සුවිශේෂිතා සොයා බැලීම වටී.

ඒ අනුව මෙවර ජනපතිවරණයේ ඇති සුවිශේෂතා වන්නේ,

01. වාර්තාගත අපේක්ෂකයින් පිරිසක් ඉදිරිපත් වීම

මෙවර ජනපතිවරණ අපේක්ෂකත්වයට සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 06 වෙනි දින දක්වා අපේක්ෂකයින් 41 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ අතර ඉන් 06 දෙනෙකු නාම යෝජනා ඉදිරිපත් කර කලේ නෑ. ඒ අනූව අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා පත්‍ර භාර දුන් අතර ඒ අනුව එම 35 දෙනාම ජනපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් සුදුසුකම් ලැබූවා.

02. ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව ඡන්ද දායකයින්ට හිමිවීම

මෙවර ජනපතිවරණය සදහා ඉහත සදහන් කල පරිදි අපේක්ෂකයින් 35 දෙනෙක් දෙනෙක් ඉදිරිපත් වීම හේතුවෙන් දිගින් අඟල් 26 කින් යුක්ත ජන්ද පත්‍රිකාවක් නිර්මාණය කිරීමට මැතිවරණය කොමිසමට සිදු වුණා.

03. ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු තෝරාගන්නා පළමු ජනපති

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමටත් පෙර සිටම මීළඟට තේරී පත්වන ජනාධිපතිවරයාට හිමිවන බලය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මුල සිටම පරස්පර අදහස් මතුවෙමින් තිබෙන පසුබිමක 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවීම හමුවේ අග්‍රාමාත්‍යවරයාට වැඩි බලතල ප්‍රමාණයක් හිමිවන බවට පිරිසක් විරුද්ධ මතයක් දරන මොහොතක ඒ අනූව නව ජනාධිපතිවරයා තේරී පත්වන්නේ පැවති විධායක ජනාධිපති බලතල යම් තාක් දුරකට කප්පාදුවකට ලක්වූ පසුබිමක වීම නොරහසකි.

04. වාර්තාගත වියදමක් යෑම

සෑම ඡන්ද විමසීමකටම මැතිවරණ කොමිසම අධික මුදල් සම්භාරයක් වැය වුවද මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මුලින් වියදම් වෙතැයි අපේක්ෂා කර තිබූ මුදල රුපියල් කෝටි 400 ක් බව කොමිසම පවසනවා.

05. ජනපතිවරයෙක්, අගමැතිවරයෙක් හෝ විපක්ෂ නායකවරයෙක් ඉදිරිපත් නොවන ජනාධිපතිවරණය

1978 විධායක ජනාධිපති ධුරය ස්ථාපනය කිරීමෙන් පසුව හයවන විධායක ජනාධිපති ධුරය දක්වා පැවති සියළුම ජනාධිපතිවරණ සදහා අග්‍රාමාත්‍යවරයෙක් හෝ ජනාධිපතිවරයෙක් තරග කිරීම සිදු වුවද මෙවර ජනපතිවරණය සදහා එසේ ඉදිරිපත් නොවීම සුවිශේෂී වේ.

06. ජනපති පුත්‍රයෙක් ඉදිරිපත් වන පලමු ජනපතිවරණය

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනපති පුත්‍රයෙක් මෙවර ජනපතිවරණයට තරග කරනවා. ඒ හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතා පුත් සජිත් ප්‍රේමදාස මහතායි.

07 .ප්‍රධාන දේශපාලන පක්ෂ තම සංකේත නොමැතිව ඉදිරිපත්වීම

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සැලකීමේදී ජනාධිපතිවරණ වෙනුවෙන් බොහෝ අවස්ථාවල එකී පක්ෂයේ නිළ වර්ණය මෙන්ම ඔවුන්ගේ ලාංඡන භාවිත කර තිබේ. නමුත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද සිය පක්ෂ ලාංඡනයන්ගෙන් බැහැරව සන්ධානගතව තරග බිමට පිවිස සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post