News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

ලොව ලොම් වැඩිම බැටලුවා මිය යයි

3100 Views


ලොව ලොම් වැඩිම බැටලුවා මිය යයි

කිලෝ 40කට වඩා වැඩි ලොම් ප්‍රමාණයක් එක්වරෙක ලබාදුන් ක්‍රිස් නමැති ඔස්ට්‍රේලියානු බැටලුවා මියගොස් තිබෙනවා.

ලොව ලොම් වැඩිම බැටලුවා ලෙසින් ප්‍රකටව සිටියේ මෙම ඔස්ට්‍රේලියානු බැටලුවායි.

ක්‍රිස් නමැති මෙම බැටලුවා වයස අවුරුදු 10ක් පමණ වන සත්ත්වයෙක් වන අතර උදෑසන අවදිව බලන විට ක්‍රිස් මියගොස් සිටි බව එම සත්ත්වයා වාසය කළ කැන්බරාහි ලිට්ල් ඕක් අභයභූමියේ නිලධාරීන් පවසා තිබෙනවා.

2015 වසරේදී ක්‍රිස් කැන්බරාහි උතුරුදිග කලාපයෙන් සොයාගන්නා විට බර හේතුවෙන් එම සත්ත්වයා ඇවිදීමේ අපහසුතාවෙන්ද පෙළුණ බව සදහන්.

වසර පහකට වැඩි කාලයක් ලොම් නොකැපීමෙන් එම සත්ත්වයා මේ තත්ත්වයට පත්ව ඇති අතර 2015 දී ක්‍රිස්ගෙන් වෙන්කරගත් ලොම්වල බර කිරා බැලූ බවත් එය කිලෝ 40.2ක් ලෙසින් සටහන්ව තිබු බවත් සදහන්.

එම ලොම්වල වටිනාකම එවක අමෙරිකානු ඩොලර් 413.6ක් වූ බව වාර්තා වනවා.

ක්‍රිස්ගේ හදිසි මරණයට හේතු සොයාගෙන නැතත් වයස්ගතවීම ඊට හේතුවන්නට ඇතැයි සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post