News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

ලෝටස් වටරවුමේ විරෝධතාවයේ යෙදුණු විශ්ව විද්‍යාල සිසුන් 26 ක් අත්අඩංගුවට

852 Views


ලෝටස් වටරවුමේ විරෝධතාවයේ යෙදුණු විශ්ව විද්‍යාල සිසුන් 26 ක් අත්අඩංගුවට

කොළඹ කොටුව ලෝටස් වටරවුමේ විරෝධතාවයේ යෙදී සිටි විශ්ව විද්‍යාල සිසුන් 26 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීති විරෝධී ආකාරයෙන් පාගමන් පැවැත්වීම සහ රථවාහන ගමනාගමනයට බාධා එල්ල කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

මහපොල ශිෂ්‍යාධාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අද දහවල් කොළඹ කොටුව ලෝටස් වටරවුමේදී විරෝධතාවයක නිරත වුණා.

මෙම විරෝධතාව විසුරුවා හැරීමට පොලිස් කැරලි මර්ධන ඒකකය විසින් අද පස්වරුවේ ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post