News Line| Off Air
Generic placeholder image

Oct
26

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

1651 Views


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ එල්ලවූ එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් මිනිත්තු 25 කට ආසන්න කාලයක් එම ගිණුමේ නිරුවත් ජයාරූප ආදිය පළකර තිබු බව වාර්තා වනවා.

කෙසේ හෝ අද අළුයම් කාලය වන විට යළි පාර්ලිමේන්තුවේ ට්විටර් ගිණුම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවී තිබෙනවා. මේ දක්වා එය සයිබර් ප්‍රහාරයක් ද එසේත් නැත්නම් එය කවුරුන් විසින් සිදුකලාද යන්න සම්බන්ධයෙන් කරුණු හෙළිවී නැහැ.

ඒ සම්බන්දයෙන් මේ වන විට කරුණු සොයා බලමින් සිටින බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටියා.

එමෙන්ම ට්විටර් ගිණුමේ පළකර තිබු සටහන් ඉවත් කිරීමට පියවර ගත් බවත් කිසිම අයුරකින් ට්විටර් ගිණුම අක්‍රිය කිරීමට කටයුතු නොකළ බවත් ඔහු ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post