News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා 20 යි 20 තරඟාවලියේ පළමු සටන හෙට

1474 Views


ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා 20 යි 20 තරඟාවලියේ පළමු සටන හෙට

සංචාරක ශ්‍රී ලංකා කාණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු 20යි 20 තරගය හෙට (27) පැවැත්විමට නියමිතව තිබෙනවා.

පළමු තරඟය ඔක්තෝම්බර් 27 උදෑසන 9.00 ට ඇඩිලේඩ් හි පැවැත්වෙන අතර දෙවැනි තරඟය ඔක්තෝම්බර් 30 සවස 1.40 ට බ්‍රිස්බෙන්හි පැවැත්වීමට නියමිතයි.

තෙවැනි තරඟය නොවැම්බර් 1 වැනි දා සවස 1.40 ට මෙල්බන් හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංග විසින් මෙහෙයවනු ලබන අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ආරෝන් ෆින්ච් විසින් මෙහෙයවනු ලබනවා.

පුහුණු තරඟයක් ලෙස පසුගියදා ශ්‍රි ලංකා කණ්ඩායම සමග පැවැති පුහුණු 20යි 20 තරඟයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම තරඟයේ අවසන් පන්දුවේදී ජයගැණීමට සමත් වුණා.

කෙසේවෙතත් මිට පෙර දෙරට අතර ජාත්‍යන්තර 20යි 20 තරඟ පහක් පවත්වා ඇති අතර ඉන් තරඟ තුනක ජය හිමිකරගැනිමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post