News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

ඉදිරි දිනවලදීත් පළාත් කිහිපයකට තද වැසි

625 Views


ඉදිරි දිනවලදීත් පළාත් කිහිපයකට තද වැසි

දිවයින අවට වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී ඌව,දකුණ,බස්නාහිර හා නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයකට මිලි මීටර් 150ත් 200ත් අතර අධික වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

දින ගණනාවක් පුරා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම්ද වාර්තා වී තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ වන්නිතිව්, රත්මල්යාය, තිල්අඩිය ඇතුළු ප්‍රදේශ රැසක ජල ගැලීම් තත්ත්වයක් හටගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් බොහෝමයක් ද පිටාර මට්ටමට පැමිණ ඇති බව වාර්තා වුණා.එමෙන්ම තබ්බෝව ජලාශයේද වාන් දොරටු 4ක් විවෘත කර තිබෙනවා.

ඇදහැලෙන අධික වර්ෂාපතනය සහ බලපා ඇති සුළං තත්වය හේතුවෙන් ගාල්ල ප්‍රද්ශයෙන් මුහුද රළු ස්වභාවයක් ගෙන ඇති අතර මේ හේතුවෙන් ගාල්ල රත්ගම ඇතුළු ප්‍රදේශ රැසක ධීවරයින්,ධීවර කටයුතු වලින් වැළකී සිටින බව වාර්තා වනවා.

මේ අතර ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවත ප්‍රදේශයට අද මුහුදු රළ සමඟ මුහුදු වැලි පැමිණීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post