ශ්‍රී ලංකාවට එරෙහි දෙවන 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියා ප්‍රභල වේග පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාර්ක් ඉවත් වී තිඛෙනවා.
සිය සෙහොයුරාගේ විවාහ මංගල උත්සවයට සහභාගීවීමට සිදුවීම ඊට හේතු වී ඇති බව සදහන්.
ස්ටාර්ක් වෙනුවට නවක වේග පන්දු යවන්නෙකු වන බිලී ස්ටෙන්ලෙක් කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි විදෙස් පුවත් සඳහන් කළේ.
ඔහුට අමතරව ශෝන් ඇබට් කෙරෙහිද ඔස්ට්‍රේලියා තේරීම් කමිටුව අවධානය යොමු කර තිඛෙනවා.
ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන 20 යි 20 තරඟය අනිද්දා (30) බ්‍රිස්බේන් හිදී පැවැත්වීමට නියමිත අතර පළමු තරඟය ජය ගත් ඔස්ට්‍රේලියාව එකට බින්දුවක් ලෙස තරඟමලාවේ ඉදිරියෙන් පසු වනවා.