News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය රාවල්පිණ්ඩි හා කරච්චි වලදී

962 Views


ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය රාවල්පිණ්ඩි හා කරච්චි වලදී

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග දෙක පැවැත්වෙන නගර පාකිස්තානය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එම තරග දිවිත්වය රාවල්පිණ්ඩි හා කරච්චි යන නගර වලිදී පැවැත්වීමට නියමිතයි.

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා එක්දින හා විස්සයි 20 තරගාවලියකට පාකිස්තානයට පිටත්ව ගියා.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිතව ඇත්තේද වසර 10කට පසුවයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති අතර පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 11-15 දා දක්වා රාවල්පිණ්ඩි නුවරත් දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 19-23 තෙක් කරච්චි නුවරදීත් පැවැත්වීමට නියමිතයි.

මේ තරගාවලිය සඳහා පුහුණු තරග එක්කර නැහැ.


News Articles
Latest Videos
Most Popular Post