News Line| Off Air| Games
Generic placeholder image

Oct
29

බංගලිදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට තරග තහනමක්

692 Views


බංගලිදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට තරග තහනමක්

බංගලිදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට වසරක් අත්හිටවූ වසර 2 ක ක්‍රිකට් තහනමක් පණවා තිඛෙනවා.

ඔහුට එරෙහි චෝදනාව වන්නේ තරඟ පාවාදීම්වලට සම්බන්ධ බුකීකරුවන් ඔහු සම්බන්ධ කර ගැනීමට දැරූ ප්‍රයත්න පිළිබඳව ක්‍රිකට් බලධාරීන් දැනුවත් නොකිරීමයි.

අයි සී සී දූෂණ මර්දන නීති කඩ කල බවට වරද පිළිගැනීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශකිබ් අල් හසන්ට මෙම තහනම පණවා ඇති බව සදහන්.

බංගලිදේශ ටෙස්ට් හා 20 යි 20 කණඩායම්වල නායකත්වය දරන පළපුරුදු ක්‍රීඩකයා පසුගිය දිනවලදී නිසි පරිදි පුහුණු සැසිවාරවලට පවා සහභාගී වී නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දුන්නා.

බංගලිදේශ කණඩායම ලබන මාසයේදී ඉන්දියාව සමග ක්‍රිකට් තරඟ මාලාවකට සහභාගී වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post