News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

සුජිත් බේරා ගැනීමේ මෙහෙයුම නරඹමින් සිටි දෙපළකගේ දරුවෙක් දියේ ගිලී මිය යයි

5219 Views


සුජිත් බේරා ගැනීමේ මෙහෙයුම නරඹමින් සිටි දෙපළකගේ දරුවෙක් දියේ ගිලී මිය යයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි සුජිත් විල්සන් දරුවා මුදාගැනීමේ මෙහෙයුම මවක් සහ පියෙක් රූපවාහිනිය ඔස්සේ නරඹමින් සිටියදී ඔවුන්ගේ කුඩා දියණිය දියේ ගිලී මියයාමේ පුවතක් එම ප්‍රාන්තයෙන්ම වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රේවතී සංජනා නමැති වයස අවුරුදු දෙකක දැරියක් බව තමිල්නාඩු පොලීසිය පවසනවා.

ඊයේ (28) රාත්‍රියේ දැරිය වතුර බේසම තුළ සිටි අවස්ථාවේදී ඇගේ මව සහ පියා රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු සුජිත් විල්සන් දරුවා මුදාගැනීමේ මෙහෙයුම නරඹා තිබෙනවා.

පසුව සිය දරුවා සිහිවී ඇය සෙවීමේදී දැරිය බේසම තුළට වැටී සිටි බව ඔවුන් දැක ඇති අතර දැරිය කඩිනමින් රෝහල්ගත කිරීමට මව්පියන් කටයුතු කළද ඒ වන විටත් ඇය මියගොස් ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post