ඊයේ දඹුල්ල ප්‍රදේශයේදී පැවති ජන රැළියක් අමතමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේ මේ රට දුෂණය වංචාව පැතිර වූ කිසිම කෙනෙකුට තම අත්සනින් කිසිම පත්වීමක් ලබා නොදෙන බවයි.
තම රජයක් යටතේ පත්වීම් ලබා දෙන්නේ දෑත් පිරිසුදු අයට පමණක් බවයි එතුමා වැඩි දුරටත් සදහන් කලේ. විශේෂයෙන්ම බලයට පත් වූ පසු දැනට තීරණය කොට ඇත්තේ ආරක්ෂාව පිළිබඳව තනතුරක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම පමණක් බවයි එතුමා ප්‍රකාශ කරන්නේ.