News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

තැපැල් ඡන්දය දමා ඒවා ඡායාරූප ගත කළ තිදෙනෙකු අත්අඩංගුවට

1090 Views


තැපැල් ඡන්දය දමා ඒවා ඡායාරූප ගත කළ තිදෙනෙකු අත්අඩංගුවට

තැපැල් ඡන්ද සලකුණු කර, ඒවා ඡායාරූප ගත කළ ගුරුවරු දෙදෙනෙකු ඇතුළු තුන් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පොළ, කැකිරාව, කටුගස්තොට ප්‍රදේශයන් හිදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.

පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.

මේ අතර, ඡන්දය සලකුණු කරන ලද පත්‍රිකාවල ඡායාරූප සමාජ මාධ්‍ය වෙත යොමු කළ සහ ඒවායේදී හුවමාරු කළ පුද්ගලයින් සොයා පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post