News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි බුල්ස් පිලට

1208 Views


තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි බුල්ස් පිලට

ශ්‍රී ලංකා පිළේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අබුඩාබි ටී – ටෙන් පන්දු වාර දහයේ ක්‍රිකට් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබෙනවා.

එම කණ්ඩායමේ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් ප්‍රකාශ කළේ මොහොමඩ් නබී සහ ෂර්ෆේන් රදෆ්ර‍ෙඩ් ඇතුළු ක්‍රීඩකයන් අතරට ජාත්‍යන්තර තලයේ මනා අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු ලෙසට ඇන්ජලෝ මැතිව්ස් තෝරා ගත් බවයි.

එක්සත් අරාබි එමීරයේ ටී – ටෙන් ලීග් තරගාවලියේ තෙවන අදියර ලෙස අබුඩාබි ටී ටෙන් තරගාවලිය ඇරඹීමට නියමිතයි.

නොවැම්බර් 15 වනදා සිට 24 වනදා දක්වා සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති.

මැතිව්ස්ට අමතරව දිල්ලි බුල්ස් කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා සහ දුශ්මන්ත චමීර යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්ම ඔයන් මෝගන්, ෂොයිබ් මලික්, සහීර් ඛාන්, අදිල් රෂීක් සහ සොහිල් තන්වීර් ද ඊට ඇතුලත්.


News Articles
Latest Videos
Most Popular Post