News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

බොලිවියාවේ නගරාධිපතිනියකගේ කෙස් වැටිය කපා දමා මහ මඟ ඇදගෙන යයි

3373 Views


බොලිවියාවේ නගරාධිපතිනියකගේ කෙස් වැටිය කපා දමා මහ මඟ ඇදගෙන යයි

ජනාධිපති ඊවෝ මොරාලෙස් නැවත බලයට පත් කරමින් පැවති ජනාධිපතිවරණයෙන් පසු බොලිවියාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ආධාරකරුවන් අතර ඇරඹුණු ගැටුම් මෙතෙක් අවසන් වී නැහැ.

ජනාධිපතිවරණය දූෂිත බවට චෝදනා කරන විපක්ෂයේ ආධාරකරුවන් සහ පොලීසිය අතර ගැටුම් නිරන්තරයෙන් වාර්තා වනවා.

එවැනි එක් සිද්ධියක් ලෙස බොලිවියාවේ වින්ටෝ නගරයේ නගරාධිපතිනිය විපක්ෂයේ ආධාරකරුවන් විසින් මහමඟ ඇදගෙන ගොස් රතු තීන්ත තවරා ඇගේ කෙස් වැටිය ද කපා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පැටී්‍රෂියා ආසේ නැමති මෙම නගරාධිපතිනිය පැය කිහිපයකට පසුව පොලීසිය වෙත භාරදීමට විපක්ෂයේ ආධාරකරුවන් කටයුතු කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post