ප්‍රසිද්ධ පෙම්වතුන් යුවළක් වන අර්ජූන් කපූර් හා මලේයිකා ආරෝරා යන දෙදෙනා 2020 වසරේදී විවාහ වීමට තිරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මෙම විවාහය ඉතා ඉක්මණින් සිදුවීමට නියමිත බවත් තවමත් දින නියමයක් නොමැති බවත් අර්ජූන් කපුර්ගේ පාර්ශවයෙන් වාර්තා වනවා.
මලෙයිකා හැඩ ගන්වන රූපලාවන්‍ය ශිල්පිනිය කියා සිටියේ මෙය සුදු වෙරළ මංගල උත්සවයක් වනු ඇති කියායි.
මලෙයිකාගේ දෙවනි මනමාලිය ලෙස ඇගේ හොදම මිතුරිය Vahbiz Mehta පෙනී සිටින බව සදහන්.
අර්ජූන්ගේ පියා වූ බොනි කපුර්ගේද කැමැත්ත මේ වනවිට මේ දෙදෙනාට හිමිව තිබෙනවා.