අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කැඳවීමකට අනුව පාර්ලිමේන්තුව අද පෙරවරුවේ කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට ගැනීම සඳහා මෙලෙස පාර්ලිමේන්තුව රැස්වුණා.
කෙසේ වෙතත් ඝනපූර්ණය නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි පෙන්වාදීමෙන් අනතුරුව මන්ත්‍රිවරුන් කැඳවීමේ සීනුව නාද කෙරුණා.
ඉන් අනතුරුව ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සිටීම හේතුවෙන් විවාදය ඉදිරියටත් පවත්වාගෙන යාමට කථානායකවරයා තීරණය කළා.
පසුගිය බ්‍රහස්පතින්දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුව අද පස්වරු 2.30 දක්වා මෙම විවාදය පැවැත්වීමට සැළසුම් කළ බව සදහන්.