News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

ඉන්දියාවේ අලි ඇතුන් සඳහා අනුස්මරණ උද්‍යානයක්

536 Views


ඉන්දියාවේ අලි ඇතුන් සඳහා අනුස්මරණ උද්‍යානයක්

ඉන්දියාවේ පළමු අලි ඇතුන් අනුස්මරණ උද්‍යානය පසුගියදා විවෘත කෙරුණා.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිවි අහිමිවූ අලි ඇතුන් උදෙසා, ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ පිහිටි මතුරා නගරයේ මෙම අනුස්මරණ උද්‍යානය ඉදිකර තිබෙනවා.

උද්‍යානය නිර්මාණය කිරීමට මූලිකවී කටයුතු කළේ මතුරාහි වනජීවී සංරක්ෂණ මධ්‍යස්ථානයයි. එම උද්‍යානය ඉකුත් සිකුරාදා සිට ජනතාවට විවෘතකර ඇති බව සදහන්.

මිනිස් ක්‍රියාකාරකම් වලින් දිවි අහිමිවූ අලි ඇතුන්ගේ නම සහ වෙනත් තොරතුරු ඇතුළත් ශෛලමය පුවරු මෙම උද්‍යානයේ ස්ථාපිත කර තිබෙනවා.

ඇතැම් පුද්ගලයන් අලි ඇතුන් දම්වැල්වලින් බැඳ දැමීම පිළිබඳවත් මෙහි සේවයේ නියුතු පශු වෛද්‍යවරයෙක් අදහස් දක්වා තිබුණා.

එලෙස දම්වැල්වලින් බැඳදැමීම, අලි ඇතුන්ට දැඩිලෙස වේදනාකාරී බවත් එය හිංසනයක් බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.

ඇත් හිසක් සහිත ඝන දෙවියන් හින්දු භක්තිකයන්ගේ දැඩි ගෞරවාදරයට පාත්‍රවී සිටියද ඉන්දියාව තුළත් අලි මිනිස් ගැටුම් දක්නට ලැබෙනවා.

දුම්රිය හා වෙනත් වාහනවල ගැටීමෙන් වාර්ෂිකව අලි ඇතුන් බොහෝ ප්‍රමාණයක් මියයන බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post