News Line| Off Air
Generic placeholder image

Nov
14

හෙට සහ අනිද්දා පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

797 Views


හෙට සහ අනිද්දා පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

හෙට සහ අනිද්දා යන දෙදින තුළ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට මෙන්ම, ගාල්ල, මාතර මෙන්ම කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ත් 100 ත් අතර තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම්, උතුරු සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයට ද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post