News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

නිදහසේ ඡන්දය භාවිත කරන්න පුළුවන් – ජනපති

406 Views


නිදහසේ ඡන්දය භාවිත කරන්න පුළුවන් – ජනපති

අද පැවැත්වෙන ජනාධිපතිවරණයේදී , ඡන්ද දායකයින්ට නිදහසේ ජන්දය භාවිත කිරීමට අවශ්‍ය වාතාවරණය රට තුළ ශක්තිමත් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා පොලීසිය , ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඇති බවයි.

අනවශ්‍ය ප්‍රචාර සහ කට කථාවලට නොරැවටී තම ජන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය භාවිත කරන ලෙස ජනාධිපතිතුමා සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ රටක, පුරවැසියන්ගේ බලයක් මෙන්ම ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ තමන් කැමති පුද්ගලයෙකු වෙනුවෙන් ජන්දය භාවිත කිරීම බවයි.


News Articles
Latest Videos
Most Popular Post