News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

ජනපති ගෝඨාභය ලබන 29 වනදා ඉන්දියාවට

1078 Views


ජනපති ගෝඨාභය ලබන 29 වනදා ඉන්දියාවට

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාව පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 29 වෙනිදා ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිතව තිබෙනවා.

නව ජනාධිපතිවරයා සිය ධුරයට පත්විමෙන් පසු සිදුකරනු ලබන පළමු විදෙස් සංචාරය මෙය බව සදහන්.

ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ පණිවිඩයක් රැගෙන අද (19) දිවයිනට පැමිනි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු ධුත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව මුණ ගැසුනා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

එම අවස්ථාවේදි ඉන්දිය අගමැතිවරයාගේ ආරාධනාව පිලිගනිමින් තමන් නොවැම්බර් 29 වෙනිදා ඉන්දියාවට පැමිණෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post