News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

546 Views


හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය හෙට පස්වරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ තීරණයකට අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ මන්ත්‍රීවරුන්ට අවසන් ගෞරව දැක්වීම සදහා දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන බව ඔහු පැවසුවා.

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා රාජ්‍ය අනුග්‍රහය සහිතව ගම්පොල – දොලූව – හාලියද්ද ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි.

දේහය මේ වනවිට ගම්පොල දොලූව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post