News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

හෙරෝයින් හා ගාංජා සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

669 Views


හෙරෝයින් හා ගාංජා සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

හඟුරන්කෙත හා රාගල ප්‍රදේශවල කළ වැටලිමක දී හෙරෝයින් මත් කුඩු හා ගාංජා සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිර්ඝ කාලයක සිට හඟුරන්කෙත හා රාගල, වලපනේ යන ප්‍රදේශවල පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කර ගනිමින් සංවිධානත්මකව තහනම් මත්ද්‍රව්‍ය ලෙස නම් කර තිබෙන හෙරොයින් හා ගංජා අලෙවිය පිරිසක් විසින් සිදු කරන බවට ලැබි තිබු තොරතුරු අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සදහන්.

එහිදී හඟුරන්කෙත ප්‍රදේශයේ දී හෙරෝයින් මිලි ගෑම් 580ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් හා රාගල ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගංජා මිලි ගෑම් 3890ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (22) වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නුවරඑළිය සුරාබදු ස්ථානාධිපති ටි.එම්.ජි.තිලකරත්න මහතාගේ මෙහෙයවීමෙන් එම කාර්යාලයේ නිලධාරීන් විසින් වැටලීම සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post