News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

බිම්මල් විෂ වී තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයක

885 Views


බිම්මල් විෂ වී තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයක

කැලෑවක පිපී තිබූ විෂ හතු (බිම්මල්) වර්ගයක් ආහාරයට ගත් එකම පවුලක කාන්තාවක් ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත්ව අද (22) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අරාව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 69 ක කාන්තාවක් හා අවුරුදු 75 සහ 45 වයස්වල පසුවන එකම පවුලක සාමාජික පිරිසක්.

කැලෑවේ පිපී තිබිය දී කඩාගෙන පැමිණී මෙම හතු වර්ගය පිස ආහාරයට ගැනීමෙන් පසුව ඇතිවූ අධික වමනය, බඩ දැවිල්ල, ඔක්කාරය සහ ක්ලාන්තය හේතුවෙන් මොවුන් රෝහල්ගත කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post