News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

කාළගුණයෙන් විශේෂ නිවේදනයක්

1177 Views


කාළගුණයෙන් විශේෂ නිවේදනයක්

තද වැසි, තද සුළං හා මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනට බටහිර, දකුණු, ගිණිකොණ හා නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම තත්ත්වය බලපානු ඇති.

ත්‍රීකුණාමලය සිට මඩකලපුව, හම්බන්තොට, ගාල්ල හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තද වැසි සමඟ සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ක් පමණ විය හැකි බවත් මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් ඇති බවත් කාලගුණ අංශ ප්‍රකාශ කළා.

ධීවර සහ නාවික ප්‍රජාවට මේ ගැන අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ අංශ සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post