News Line| Off Air
Generic placeholder image

Dec
5

ලැව්ගිනි හේතුවෙන් පාසැල් රැසක් වැසෙයි

1006 Views


ලැව්ගිනි හේතුවෙන් පාසැල් රැසක් වැසෙයි

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවදුරටත් ලැව්ගිනි පැතිර යමින් තිබෙනවා.

මේ හේතුවෙන් පාසැල් රැසක් වසාදැමීමට බලධාරීන්ට සිදුවුණා.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයත් සිඩ්නි නගරයේ උතුරු ප්‍රදේශය දරුණු ලෙස ලැව්ගිනි ආපදාවට ගොදුරුවී ඇති අතර ප්‍රාන්තය පුරා ලැව්ගිනි 130ක් පමණ පැතිර යමින් පවතින බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසනවා.

මේ හේතුවෙන් නිවාස රැසක් අවධානමට ලක්ව ඇති බව සඳහන්.

පවතින වාතාවරණය හේතුවෙන් ප්‍රාන්තයේ පාසැල් රැසක්ද වසා දමා ඇති බව සදහන්.

ලැව්ගිනි සමඟ ඇතිවූ අධික දුමාරයෙන්ද ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව සඳහන් වෙයි.

ලැව්ගිනි පාලනයට ගිනි නිවීම් සේවකයන් දෙදහසක් පමණ යොදවා තිබේ.

ගුවන් යානා යොදාගනිමින් ගුවන් මගින් ගිනි නිවීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි.

කෙසේ නමුත් පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ගිනි නිවීමේ මෙහෙයුමට බාධා එල්ලවන බවයි ප්‍රාන්ත බලධාරීන් පවසයි.


News Articles
Latest Videos
Most Popular Post